අප අමතන්න

  පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ.

  +94 112 911 105

  +94 112 913 380

 ucpeliyagoda@gmail.com









අන්තර්ජාලීය නගර සභාව - Internet Municipal Council - இணைய நகர சபை

අන්තර්ජාලීය පෑලියගොඩ නගර සභාව සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඉතා ඉක්මනින් හා පහසුවෙන් නගර සභාවෙන් ඉටු වන කටයුතු ඔබට ඉටු කර ගැනීමට මෙම සේවය ඔස්සේ හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම් , ක්‍රීඩා පිටිය, ශ්‍රවනාගාරය, ප්‍රජා ශාලා, ආදාහනාගාරය ආදිය මුදල් ගෙවා වෙන් කරවා ගැනීමටද , අන්තර්ජාලය හරහා සියලුම ඉල්ලුම්පත්‍ර ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම නගර සභාවේ තොරතුරු මෙන්ම සියලු සේවාවන් පිලිබඳ විස්තර ක්ෂණිකව බලා ගැනීමට හැකියාව ඇත . වීදි පහන්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් , සෞඛ්‍ය අංශය හා වෙනත් කරුණු සම්බන්ද පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඒ අතර යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව ඇත අමතරව නගර සභාවකින් සිදුවන අනෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල සේවාවන් හදුන්වා දී ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමට ප්‍රදේශ වාසීන්ට හැකියාව ඇත. මෙහිදී ඕනෑම බැංකු කාර්ඩ් පතකින් ගෙවීම් සිදු කර හැකි අතර ඔබ ගෙවීම් සිදු කිරීමේදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහාය ,එම නිසා එය වඩාත් විශ්වාසදායි ලෙස සිදු කල හැක. මෙම පද්ධතිය හරහා නගර සභාවෙන් සිදුවන සමස්ත ක්‍රියාවලියෙන් 90% පමණ නගර සභාවට නොපැමිණ ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කර ගත හැකි වීමෙන් ප්‍රදේශ වාසීන්ට මෙන්ම නගර සභාවෙන් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට උසස් සේවාවක් ලැබෙනු ඇත.

ස්තුතියි !